ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ, ගාලුමුවදොර පිටියේ පවතින යාචක හිරිහැරය මැඩලීමට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බවයි.

මේ සඳහා වරාය අධිකාරිය සහ පොලීසිය සමග එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අමාත්‍යාංශය සඳහන් කළේ .

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, යාචකයින් 150 ක් පමණ පිරිසක් ගාලුමුවදොර පිටියේ සිඟමන් යැදීම ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවයි.

මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content