ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වන විට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඊට පෙර බස්නාහිර පළාත සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග සතොස වෙළදසැල් හරහා ලබා දීම ආරම්භ කෙරුනා.

කෙසේ වෙතත් ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඊයේ දිනය වන විට බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බවයි සභාපතිවරයා සඳහන් කලේ.

ඒ අනුව බස්නාහිර ප්‍රදේශයට අවශ්‍ය නව තොග බෙදාහැරීම සඳහා ඊයේ රාත්‍රියේදී අවශ්‍ය පියවර ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content