ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා පැවැත්වීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඒ අනුව එම මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට 18 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කටයුතු කරනු ලැබුවා.

බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් තිබුණේ ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු සහ අහංගම ප්‍රදේශයේ පදංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම රැදවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණය වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා සහ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහතා විසින් සිදු කරන ලද අතර එහිදි විවෘත තීන්දු ලබා දී තිබුණා.

WhatsApp Group

Skip to content