ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ දිනයේදී එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වුණේ.

ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුජිත් ප්‍රසන්න නොහොත් ඇන්ටා නමැති රැඳවියෙකු බවට අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාරය තුළදීම සකසන ලද පිහියකින් ඔහුට පහරදී සිදු කර තිබූ අතර, එම පහරදීම බූස්ස ප්‍රදේශයේ පදිංචි කන්දෙ අසංක නමැති රැඳවියෙකු විසින් සිදු කර ඇති බවටයි වැඩිදුරටත් වර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content