ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත් වූ මෙනින්ගො කොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙනවා.

මෙම රෝගියා ජාඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු වනවා. ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව සඳහන්.

එම පුද්ගලයාට ඇති වූ උණ රෝගී ත්ත්වයක් හේතුවෙන් ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදි රෝගියා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content