කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ග්ලෝකල් ෆෙයාර් 2023 වැඩසටහන දෙවන දිනටත් අද දිනයේදී පැවැත්වෙනවා .

යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ අරමුණ සංහිඳියාවේ පණිවුඩය ජන හදවත් තුළ ඇති කිරීම බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලේ .

මෙම වැඩසටහනේ අවසන් දිනය අද වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය හරහා ඉටු කර ගත යුතු කාර්යයන් මෙහිදී ඉටු කර ගැනීමට හැකියාව තිබෙනවා .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රාජ්‍ය නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙයට අදාලව ඊයේ දිනයේදී පැවැත්වුණා .

මෙහිදී විදේශ රැකියා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් මෙන්ම නීති විරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන්ද දැනුවත් කිරිමටයි කටයුතු කලේ .

WhatsApp Group

Skip to content