පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

WhatsApp Group

Skip to content