අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ඒකාබද්ධ ග්‍රාම සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

දින තුනක සිට ක්‍රියාත්මක ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග ඊයේ පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් පසුවයි.

කේසේවතත් තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති නියෝජිතයින් සදහන් කළේ.

WhatsApp Group

Skip to content