ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී ද නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට නියමිත බව සදහන්.

WhatsApp Group

Skip to content