ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව හෙට , අනිද්දා සහ 15 යන තෙදින තුල අදාල සම්මුඛ පරීක්ෂණ කටයුතු පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.

ඒ සඳහා වන කැඳවීම් ලිපි මේ වනවිටත් යොමු කර ඇති අතර අදාළ සම්මුඛ් පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි නොලැබුණු අයදුම් කළ අයදුම්කරුවන්ට අමාත්‍යංශ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම අදාළ සම්මුඛ පරීක්ෂණය රැගෙන ආ යුතු ලිපි ලේඛන සම්බන්ධයෙන් වූ තොරතුරු ද නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවයි ජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content