ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සදහන් කළේ.

ඒ අනුව මෙම ගැටලු සදහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් මීළඟ ක්‍රියාමාර්ගය සති තුනකට පසු සිදු කරන බව ද ඒ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content