ග්රාමීය කාන්තා ව්යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන සතිය ආරම්භ කරමින් පළමු ගම්මානය ලෙස හඟුරන්කෙත ගලඋඩගල ගම්මානයේ ගොවි පවුල්වලට ප්රතිලාභ ලබා දීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
ග්රාමීය අංශයේ කුඩා ව්යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී විවිධ කෘෂි ව්යාපෘති සඳහා තෝරාගත් පවුල් සඳහා කෘෂි උපකරණ, කුකුළු පැටව් හා කෝපි පැළ, පුවක් පැළ හා අනෙකුත් පැළ වර්ග රැසක් ද බෙදා දීම සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content