යුකෙලෙප්ස්ටික් ගසක අත්තක් කඩා වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් පෙබරවාරි 03 දින ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද(06) දින නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වත්ත පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා.

මෙලෙස ගසක අත්තක් කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම වතුයායේ මැද කොටසේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මුරුගන් අසාන්ත් නැමති සිසුවෙකි.

මියගිය සිසුවා ඉකුත් 03 දින දහවල් 12.30 ට පමණ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග සිය නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නොර්වුඩ් නගරයට ගමන් කරමින් සිටියදි යුකෙලෙප්ස්ටික් ගසක එල්ලි තිබු අත්තක් එක වරම පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටී තිබෙනවා.

පසු එම සිසුවා වතු කම්කරුවන් සහ ඔහුගේ මිතුරන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු පාසල් සිසුවාගේ තත්ත්වය බරපතල විම නිසා එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සිසුවා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ජිවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර ඊයේ(05) දින පස්වරුවේ ඥාතින් වෙත භාර දි තිබෙනවා.

පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම වතුයායේ වගා කර තිබු යුකෙලෙප්ස්ටික් ගස් කිහිපයක් මිල දි ගෙන එම ගස් කපා ඉවත් කිරිමේදි කැපු විශාල ගසක් බිමට කඩා වැටිමේදි එම ගසේ අත්තක් කැඩි තවත් ගසක රැදී තිබෙනවා.

එසේ අවධානම් ලෙස ගසෙහි රැදි තිබු යුකෙලෙප්ස්ටික් ගසේ අත්ත පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

ගස් කැපිමට කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබු කොන්ත්‍රාත්කරු සහ සහයකයන් සිව්දෙනෙක් නොර්වුඩ් පොලිසිය විසින් ඊයේ (05) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත්කෙරුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් පස්දෙනා 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

 

WhatsApp Group

Skip to content