අඹ කැඩීමට ගසකට නැගී තරුණයකු ගස මුදුනේදී සිහි මූර්ජා වී බිමට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ ආලඩිඋඩු මානිප්පායී ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.

ඔහු අඹ ගසට නැග ස්වල්ප වේලාවකදී තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව අඹ ගස යට සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් තරුණයාව ගසෙන් බිමට ගැනීමට සූදානම් වනවාත් සමගම ඔහු අඹ ගසෙන් බිමට ඇද වැටී තිබෙනවා.

පසුව ඔහු යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content