කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් මාර්ගයට කාඩා වැටීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ හේතුවෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content