ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවා.

විශේෂයෙන් වයඹ, උතුරු මැද පළාත්වල මෙය සීඝ්‍රයෙන් පැතිරෙන අතර මධ්‍යම පළාතටත්  බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් රටේ කිරි නිෂ්පාදනයට විශාල ගැටලුවකට මුහුණපාන්නට සිදු වී තිබෙනවා.

මෙය ආර්ථික වශයෙන් හානිදායක රෝගයක් බවට පත්වෙමින් පවතිනවා.

 

WhatsApp Group

Skip to content