නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ව ගොවීන් විසින් පාලනය කරනු ලබන ගවයින් අතර සීග්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් එම සතුන් බොහොමයක් මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල භාර රජයේ පශූ වෛද්‍යවරුන් පවසනවා.

දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතෙන් සියයට 33 ක පමණ දියරකිරි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන බවත් ඉන් සියයට 12 ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත් මෙම තත්ත්වය හේතුවෙන් දියර කිරි නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පශු වෛද්‍යවරුන් අවධාරණය කර සිටියා.

එමෙන්ම එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සදහා එන්නත් ලබා දිය යුතුව තිබුණද ප්‍රමාණවත් එන්නත් නොමැති වීම හේතුවෙන් රෝගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content