මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්වය වෛරසයක් හේතුවෙන් හටගන්නා රෝගයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසනවා.

ගවයින්ගේ ශරීරයේ ගැටිති සහ තුවාල ඇති වී එම ගවයින් මිය යන බවට වාර්තා පළ වුණා.

පසුගිය දින කිහිපයේදී එම රෝගී තත්වය හේතුවෙන් ගවයින් 30කට අධික සංඛ්‍යාවක් මිය ගියා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි කෘෂි කර්ම අමාත්‍යංශය ඊයේ උපදෙස් ලබා දුන්නා.

මෙම රෝග තත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම වාර්තා වී ඇත්තේ 2019 වසරේදී බවත් ඉන් පෙර මෙම රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බවයි පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්.ඩබ්ලිව්.එන්.සමරනායක මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content