ග්‍රීසියට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකාවකට රතු මුහුදේදී යේමන හූති සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළා.

මෙම ප්‍රහාරයෙන් අතුරුදන් වූ නාවිකයෙකු සෙවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

ග්‍රීසියට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකාවක් වන ටියුටර් නෞකාවට එම ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පසුව එහි කාර්ය මණ්ඩලය ඉවත් කරනු ලැබුවා.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් හා පිලිපීන සංක්‍රමණික කම්කරු අමාත්‍යවරයාගේ වාර්තාවලට අනුව මෙම නෞකාව මේ වනවිට රතු මුහුදේ පාවෙමින් තිබෙනවා.

WhatsApp Group

Skip to content