ගල් අගුරු නෞකා 13 ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කලේ 12 වන නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මේ අතර 13 වන නෞකාවේ ගල් අඟුරු ගොඩබෑම් කටයුතු හෙට දිනයේ ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

නෞකා 36ක් මෙරටට ගෙන් වීම සඳහා මේවන විට සැලසුම් සකස් කර තිබෙනවා.

එමෙන්ම ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවයි ලංකා නාමල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content