ගල්ගමුව, මීඔය ආසන්නයේ සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවයි වාර්තාවන්නේ.

වෑන් රථයේ ගමන්ගත් එක අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ අයගෙන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content