සිසේරියන් සැත්කමකින් අනතුරුව ගර්භනී මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි.

ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසුතිය සදහා රෝහල් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැත්කමින් පසු දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් සිටයදීයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඇය ප්‍රසුත කළ බිළිදිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content