ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එය දිවයිනේ ගම්මිරිස් වගා කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන බවත් මේ වනවිට ඒ හේතුවෙන් අක්කර 200ක පමණ ගම්මිරිස් වගා එමගින් මුළුමනින්ම විනාශ වී ඇති බවත් සඳහන්.

දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය නිසා මෙම රෝගය කඩිනමින් පැතිර යාමේ අවදානමක්ද මතු වී ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ.

රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කිරීමෙන් සහ අදාළ රසායනික ද්‍රව්‍ය ද භාවිතා කිරීමෙන් මෙම රෝග තත්ත්වය පාලනය කළ හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

WhatsApp Group

Skip to content