රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාපිටිගම ගම්මානය, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්ලොලුව සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ලෙනගල ගම්මාන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ ප්‍රදේශයේ සත්ව නිෂ්පාදන සඳහා ගොවීන්ට අවශ්‍ය කුකුල් පැටවුන් ලබා දීම, කෘෂි උපකරණ සහ බීජ හා පැළ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

WhatsApp Group

Skip to content