මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නයිජීරියාවේ ගම්මාන 20 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරයට එල්ල කර තිබෙනවා.

අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content