අලුත් අවුරුද්ද වෙනුවෙන් ලක්ෂ 13 කට අධික මගී ජනතාවක් ගම්බිම් බලා යාමට නියමිත බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් අද දිනයේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ඇති බව සදහන්.

එහිදී ප්‍රධාන කොටස් 05 ක් යටතේ බස්රථ ධාවනය කිරීම සඳහා සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය ගමන් වාර සංඛ්‍යාවට වඩා ගමන් වාර 700 ක් අතිරේකව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.

WhatsApp Group

Skip to content