සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඔහු නේපාලයේ සිට කටුනායකට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු සේනාධීරගේ කරුණාරත්න යන නමකින් පෙනී සිට තිබෙනවා.

ආගමන විගමන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන් ගණේමුල්ලේ සංජීව බවයි.

WhatsApp Group

Skip to content