ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.7 ක උෂ්ණත්වයක් වවුනියාවෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12.6 ක උෂ්ණත්වයක් නුවරඑළියෙන් වාර්තා වී ඇති බවයි.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මොණරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එය මිලිමීටර 63.7 ක් බව සඳහන්.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්වලට ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන මිලිමීටර 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content