ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු මරණ සංඛ්‍යාව 36 ක් .

මේ අතර, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ සංඛ්‍යාව යළිත් 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,700 ක් බවද සදහන් .

ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 26,702 ක් බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content