ගජමුතු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේදී ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 10ට අලෙවි කිරීමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ප්‍රවාහනය සදහා යොදා ගත් ත්‍රීරෝද රතයද වැටලීම සිදු කළ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 38 හා 46 යන වයස්වල පසුවන හෝමාගම හා කිතුල්ගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content