ගජමුතු සහ මුතු ඇට විකිනීමට තැත්කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ සවස් කාලයේදී ලද තොරතුරකට අනුවයි.

එම වැටලීමේදී ගජමුතු 02ක් හා මුතු ඇට 171 සොයාගත් අතර එම තොගය රුපියල් ලක්ෂ 60ට අධික මුදලකට විකිනීමට සුදානම් කරගෙන් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ,38,39, සහ 43 වයස් වල පසුවන ගුන්නෑපාන ,යාල්වෙල ,කොත්මලේ හා රිකිල්ලගස්කඩ ප්‍රදේශවල පදිංචිකරුවන බවයි මාතලේ පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content