ලිබියාවේ හටගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,300 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 10,000ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර, මෙම තත්ත්වය හමුවේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 5,300 ඉක්මවන බවට අනුමාන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලිබියාවට සුනාමියක් ආකාරයෙන් බලපෑ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීම අපහසු වී තිබෙනවා.

තවදුරටත් විශාල පිරිසක් ගොඩනැගිලි වල වහල මතට නැග දිවිබේරා දෙන ලෙසට සදහන් කරන බවට දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

ඒ අනුව මෙම පිරිස් බේරා ගැනීම සදහා ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content