ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි එම සංගමය ජනතාවට දන්වා සිටින්නේ.

මේ අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 59,511 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 3 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආරක්ෂිත ස්ථාන 80 ක පවුල් 2,433 කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රැඳී සිටින බවයි.

එමෙන්ම අවතැන්වූවන්ගේ කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණයක් ගැනීමට ද නියමිතයි.

WhatsApp Group

Skip to content