බස්නාහිර පලාත තුළ ගංවතුර බැසගොස් ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ එම ප්‍රදේශවල පාසල් ආරම්භ කෙරෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී වසා තබනු ලබන පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව, රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් වසා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලවාන කොට්ඨාසවලට අයත් පාසල්ද අද දිනය තුළ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහ කළා.

WhatsApp Group

Skip to content