ඉන්දියාවේ සික්මි ප්‍රාන්තයට බලපා ඇති දැඩි වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයන් 82 දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගංවතුර තත්ත්වයත් සමක සික්මි ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී තිබෙන අතර, ඒ හේතුවෙන් සංචාරකයන් 3,000කට වැඩි පිරිසක් අතරමංව සිටින බවද විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මේ අතර අතුරුදන් වූ හමුදා භටයන් 23දෙනාගෙන් එක් හමුදා භටයෙකු සොයා ගෙන තිබෙන අතර, අනෙකුත් හමුදා භටයන් සොයා මෙහෙයුම් සිදු කරන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content