ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සදහන් කළේ අතතනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජා-ඇල ඇතු`ඵ ප්‍රදේශවල පහත් බිම්වලට මෙම ගංවතුර අවදානම පවතින බවයි.
එමෙන්ම නිල්වලා ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව ද ගංවතුර අවදානමක් පවතින බව ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/SUGEESHWARA-EDIT.mp3?_=1

මේ අතර අද දිනයේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවා.

https://www.vnews.lk/storage/2023/11/SHANIKA-DISSANAYAKE-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content