දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වන මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය කිහිපය සදහා නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පළාත් කිහිපයක මිලි මීටර් 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලුනහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

කළු, කැළණි, ගිං , නිල්වලා ගංගා ආශ්‍රිතව පහත්බිම් අවට ජීවත් වන ජනතාව මේ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content