නිල්වලා ගංගා ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

අතුරු මාර්ගවල රථවාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර හාලිඇළ නගරයේ නායයාමක් සිදුව තිබෙනවා.

නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් මෙම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නගරයේ වෙළෙදසැල් දෙකක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එමෙන්ම නායයාමේ අවදානමට ලක්වු තවත් වෙළදසැල් කිහිපයක් ඉවත් කිරීමට ද පියවර ගත් බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content