නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ඊයේ උදෑසන 9 සිට අද පෙරවරු 09 දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

විශේෂයෙන් මෙම අනතුරු ඇඟවීමත් සමඟ අතුරු මාර්ග භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බදුල්ල , මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ සදහා නිකුත් කර ඇති නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් කියා සිටියේ. මෙම නීවේදන නැවත දැනුම් දෙන තෙක් බලාත්මකයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උස්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සදහන් කළා.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/10/MAITH-FANANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content