මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේ දී ඒ පිලිබඳ වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.එම අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කලේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් මස් පිණිස වෙළෙඳපොළ තුළ අලෙවි වන බවට තොරතුරු වාර්තාවන බවයි.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඉතා අඩු මිලට අලෙවි වන සහල් , සිනි සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පිළිබඳවද අවදානය යොමු කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2024/06/SANJAYA-IRASINHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content