ගංවතුරෙන් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000 ක් ප්‍රදානය කර තිබෙනවා.

එම ජලබෝතල් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වෙත භාර දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ලිං සහ පානීය ජල මූලාශ බොහෝමයක් අපවිත්‍ර වී තිබෙනවා.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ජාත්‍යන්තරයේ අවදානය ලබා ගැනීමට අභියාචනයක් ඉදිරිපත්කරන ලෙස ද අමාත්‍යවරයා එහිදි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content