ගංවතුරෙන් පීඩාවට පත්වු ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සදහා අඛණ්ඩ සහය ලබා දෙන බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ නාවික හමුදාවේ කණ්ඩායම් 36ක් තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සදහා එක්ව සිටින බවයි.

අධික වැසි තත්ත්වය හමුවේ ගසාගෙන ගොස් තිබු අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඉන්ධන බාධකය පිළිසකර කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් සක්‍රියව සිට දායකත්වය ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content