ගංවතුරින් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු පවසන්නේ මෙම ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසයි.

එමෙන්ම පිසූ ආහාර ඖෂධ ඇතුඵ අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවලද ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content