ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත් කර තිබෙනවා.

අදාළ පත් කිරීම් අද දිනයේ සිට බලාත්මක වන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content