ඛනිජ තෙල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පොදු ජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසනවා.

වැඩ වර්ජනය අසාර්ථක බවට බලධාරින් ප්‍රකාශ කළ ද තම සංගමය එය සාර්ථකව ඉදිරියට ගෙන යන බව ඔහු පැවසුවා.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-SAMAN-EDIT.mp3?_=1

ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට විරෝධය පළ කරමින් කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ සේවකයින් ඊයේ මෙම වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මේ අනුව තෙල් බෙදාහැරීමේ කටයුතු ඊයේ පස්වරුවේ සිට ඇණහිට ඇති බවයි වෘත්තිය සමිති පවසන්නේ.

WhatsApp Group

Skip to content