සංචාරකයින් අතර සුප්‍රකට කෝඩේලියා කෲස් ඉන්දිය මගී ප්‍රවාහන නෞකාව පළමු සංචාරය සදහා අද (05) පස්වරුවේ චෙන්නායි වරායෙන් පිටත්වීමට නියමිතයි.

එම නෞකාව අනිද්දා මෙරටට ළඟාවනු ඇති.

කෝඩේලියා කෲස් නෞකාව චෙන්නායි සිට හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය වෙත සංචාරකයන් රැගෙන ඒමට නියමිතයි.

තට්ටු 11 කින් යුත් කෝඩේලියා කෲස් නෞකාවේ අමුත්තන් 1800කට පහසුකම් සැලසිය හැකි අතර මෙම නෞකාව කාමර 796 කින් සමන්විත බව සඳහන්.

WhatsApp Group

Skip to content