රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 4 ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂා කිරීමේදී විශාල වටිනාකමකින් යුත් මෙම කොකේන් තොගය හමු වී ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා පැමිණ ඇති අතර, එහිදී  බිස්කට් ටින් 3 ක අසුරා තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content