බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මාලබේ, කහන්තොට මාර්ගයේ කුලී නිවසක් තුල සිදුකල වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ කළ පරීක්ෂා කිරීම්වලදී වායුසමනය කළ කාමර තුනක තිබී පැළ 50කට අධික කුෂ් වගාවක් ද සොයා ගැණුනා.

පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වනවා.

ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content