බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පලාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කර ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවද වාර්තා වනවා.

ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේස් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් මරා දැමීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික ඳබිරි සහ මිතුරිය පළාගොස් ඇත්තේ ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුලු වටිනා භාණ්ඩ රැසක්ද රැගෙන බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.

ඊට අමතරව ඔනේස්ගේ ඳබිරි ඉන්දුනීසියාවේ විනෝද චාරිකාධබැවට යද්දී ද ඔහුට අයත්ව තිබූ මෙරට වටිනා දේ සෑහෙන ප්‍රමාණයක්ද රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

ඔනේෂ් සුබසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

– දිවයින

WhatsApp Group

Skip to content