කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාලවල සේවය කරන කාන්තාවන් බවයි.

එම සේවිකාවන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු ව සිටින බවයි පොලිසිය කියා සිටියේ.

ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එක් කාන්තාවක් සදහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවයි.

කිසියම් අයෙක් කාන්තාවක් සමග රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවද පොලිසිය කියා සිටියා.

WhatsApp Group

Skip to content